Skip to main content
netball

 

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ කිරුළ පැළඳීමට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ අද සමත් වූහ. රටවල් 12 ක සහභාගීත්වයෙන් පසුගිය පළමුවැනිදා ආරම්භ වූ තරගාවලියේ අවසන් තරගයේදී සත්කාරක සිගප්පූරු කණ්ඩායම ගෝල 69 - 50 ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංක කණ්ඩායම සමත් විය.

 

මෙය ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවලියන ජයග්‍රහණය කළ පස්වැනි අවස්ථාව වූ අතර මීට පෙර අවසන් වරට ආසියානු ශූරියන් ලෙස කිරුළු පැළඳීමට සමත් වූයේ 2009 වසරේදීය. 

 

මෙවර තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව, චීන තායිපේ (137-05) සහ ඉන්දියාව 101-29 පරාජයට පත් කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී ඊ කාණ්ඩයෙන් තරගවදිමින් සිංගප්පූරුව (74-61), මැලේසියාව (62-59), හොංකොං (71-48) කණ්ඩායම් පරාජය කළ අතර ඒ අනුව දෙවැනි වටය අවසන් වනවිටත් අපරාජිතව සිටීමට සමත් විය.
 

අවසන් පූර්ව තරගයේදී නැවතත් හොංකොං කණ්ඩායම හමු වූ අතර එම තරගය 55-46 ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සෙසු අවසන් පූර්ව තරගයේදී හිටපු ශූර මැලේසියාව සහ සිංගප්පූරුව තරග කළ අතර එහිදී 51-43 ක් ලෙස තරගය ජය ගනිමින් සත්කාර සිංගප්පූරුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
 

පළමු අර්ධය අවසන් වනවිට කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරතවෙමින් ගෝල 16 බැගින් ලබාගෙන සිටියේය. දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීමට සමත් වූ අතර දෙවැනි අර්ධය අවසන් වනවිට ලකුණු තත්වය සටහන් වූයේ ගෝල 32-26 ක් ලෙසයි. එතැන් පටන් සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූහ. තෙවැන වටය අවසන් වනවිට ලකුණු තත්වය 50-38 ක් ලෙස සටහන් වූ අතර තරගයට නියමිත කාලය අවසන් වනවිට ලකුණු තත්වය 69-50 ක් විය.

 

 

 

 

 

 

 

 

   

 

Standard (Image)