Skip to main content
FIFA

 

ජගත් පාපන්දු ශුරතාවය ආරම්භයට දින 21 තිබියදී ආර්ජන්ටිනා කණ්ඩායමේ දැළ  රකින ක්‍රීඩක  සර්ජියෝ රොමෙරෝ  (Sergio Romero ) හට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත , දණහිසේ ඇති වූ අබාධයක් නිසාවෙනි 

31 හැවිරිදි රොමෙරෝ ආර්ජන්ටිනා වෙනුවෙන් තරග 94 ක් ක්‍රීඩාකර ඇති අතර  2014   ලෝක කුසලාන අවසාන තරගයේදී කණ්ඩායමේ දැළ  රකින්න ලෙස කටයුතු කළේය .

විලී කැබැලෙරෝ සහ  ෆ්රැන්කෝ ආර්මානී දෙදෙනා ආර්ජන්ටිනා කණ්ඩායමේ අතිරේක දැළ  රකින්නන්  වන අතර  නහුවෙල් ගුස්මාන් සංචිතයට කැදවා ඇත .

2018 ලෝක  කුසලාන තරගවලියේ ආර්ජන්ටිනා කණ්ඩායමේ   පළමු තරගය  ජුනි 16 වනදා අයිස්ලන්තය සමග පැවැත්වේ. 

Standard (Image)