Skip to main content
Galle Cricket Ground

 

ලොව ප්‍රමුඛ පෙළේ පුවත් සේවා නාලිකාවක් වන අල් ජසීරා රූපවාහිනී නාලිකාව විසින් විකාශය කිරීමට නියමිත ක්‍රිකට් පිටිය තුල සිදු වූ තරඟ පාවාදීම් පිළිබඳ කරන ලද විමර්ශනාත්මක වැඩසටහන් මාලවක් හේතුවෙන් මේ වනවිට මෙරට ක්‍රිකට් ක්ශේත්‍රය දැඩි කම්පනයකට ලක් ව තිබෙන අතර අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය පවා මෙම හෙළිදරව් කිරීම සම්බන්ධවེ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට අදහස් කොට ඇත.

 

ගාල්ල ජාත්‍යනතර ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟ දෙකක් මෙලෙස බුකීකරුවන්ගේ වුවමනාව පරිදි පාවාදීමකට ලක් කර ඇතැයි අල් ජසීරාව හෙලිදරව් කරන අතර මෙහිදි බුකී කරුවන්ගේ වුවමනාව මත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා (2016) ටෙස්ට් තරඟයේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම සම්බන්ධව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහාකාර කළමණාකරු සහ තණැතීරුභාර නිළධාරීවරයා වන තරංග ඉන්දික හට චෝදනා එල්ල වී ඇති අතර මේ සඳහා මුම්බායී හී මුදලට තරඟ පාවාදෙන්නෙකු වන රොබින් මොරිස් නැමැත්තෙකුද සම්බන්ධ දී ඇති බවටද තවදුරටත් අල්ජසීරා මාධ්‍ය ආයතනය චෝදනා කරනු ලබනවා. එමෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේදී පිතිකරුවන්ට හිතකර ලෙස තණතීරුව වෙනස් කිරීමද මෙම බුකීකරුවන්ගේ වුවමනාව මත සිදු කරන ලද්දක් බවද පැවසෙනවා. එමෙන්ම රොබින් මොරිස් නැමැත්තා සහ තරංග ඉන්දික යන අයවලුන් සමඟ තවත් බුකීකරුවකු ලෙස වෙස් වලාගෙන පැමිණි අල් ජසීරා මාධ්‍ය වේදියෙකු එළඹෙන එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය මුදලට පාවා දීම සම්බන්ධව සාකාච්ඡා පවත්වා ඇති අතර තරංග ඉන්දික මහතා ඊට කැමැත්ත පළකල බවටද අල් ජසීරාව හෙළිදරව් කරනවා. මෙම හෙලිදරව් කිරීම් සමබන්ධව මෙරට ක්‍රිකට් ආයතනය තවමත් අදාල පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමර්ග ගෙන නොමැති අතර මාද්‍යකින් හෙලිදරව් කල පමණින් එලෙස නීතීමය ක්‍රියාමර්ග ගැනීම සිදු කල නොහැකි බවත් විධිමත් පරීක්ශණයකින් අනතුරව සුදුසු නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවත් ක්‍රිකට් ආයතනය දූෂණය පිටු දැකීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බවටත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලී ද සිල්වා මහතා ක්‍රික්බස් ක්‍රීඩා පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කොට තිබෙනවා.

 

කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ශල් මෙම සිදුවීම් මාලාව පිළිබඳ තම දැඩි අවධානය යොමු වන බව පවසා තිබෙනවා. මෙම හෙලිදරව් කීරීමත් සමඟම එංගලන්තයේ ශ්‍රී ලංකා තරඟ සංචාරයද ආන්දෝලනාත්මක මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා වනවා. කෙසේ නමුත් තරඟ සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වන තෙක් තීරණය කර නොමැති නමුත් මීට අදාලා පරීක්ශණ සඳහා තම පූර්ණ සහය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කොට තිබෙනවා. මීට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍ර්‍රිඩාංගණය භාරව කටයුතු කල ජයනන්ද වර්ණවීර මහතා එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවේද දූෂණ සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබ සිටියදී වීමද විශේෂත්වයකි. මෙම වැඩසටහන මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට අල් ජසීරා රූපවාහීනී නාලිකාවේ විකාශය වීමට නියමිතය.

Standard (Image)