Skip to main content
thailand

 

තායිලන්තයේ උමං ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම් හි නිරතව සිටි තායිලන්ත නාවික හමුදාවේ විශේෂ කිමිදුම් බලගණයේ හිටපු නිලධාරියෙකු ඔක්සිජන් අවම වීම හේතුවෙන් මිය ගොස් ඇත .

37 ක් හැවිරිදි සමරන් කුනාන් නම් වූ මෙම නාවික හමුදාවේ කිමිදුම්කරුවා දැනට කොටුවී සිටින ළමුන් ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය කරනු ලබන ඔක්සිජන් ටැංකි රැගෙන ගොස් වැසි ජලයෙන් යටවී තිබෙන උමඟ ආශ්‍රිතව ස්ථානගත කිරීමේ මෙහෙයුම් වල ඔහු නිරතව සිට ඇත. ඒ අතර වාරයේදී ඔහු ගේ ඔක්සිජන් ටැංකියේ තිබු ඔක්සිජන් අවසන්වීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා. 

ගලවා ගැනීමේ මෙහෙයුම්  සඳහා දායකත්වය ලබා දීම සඳහා ස්වේච්ජා කිමිදුකරුවන් රැසක් මේ සඳහා දායකත්වය ලබාදී ඇති අතර මියගිය සමරන් කුනාන් ද එලෙස සිය සහයෝගය ලබා දීමට පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.