Skip to main content
North

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහය දීමට සූදානම් බවත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.

ඔහු  බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සී.වී.විග්නේෂ්වරන් මහතාට ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ලබා නොදෙන බවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.