Skip to main content
IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ කණ්ඩායම් වල හිමිකරුවන් ගැන  ලිපි පෙලේ මුල්ම ලිපිය වෙන් වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ සාර්ථකම කණ්ඩායම වන චෙන්නායී සුපර් කින්ග්ස් කණ්ඩායම පිළිබඳව.

2008 වසරේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටවනු ලැබූ වරලත් ව්‍යාපාර පදනම් අටෙන් එකක් වූ චෙන්නායී සුපර් කින්ග්ස් කණ්ඩායමේ වරලත් හිමිකම් වසර 10ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 91කට මිලදී ගන්නට ඉන්දීය සිමෙන්ති සමාගම සමත් වුණා. මෙම ලංසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් වෙනුවෙන් ලැබූ සිව්වෙනි ඉහළම ලංසුව විදියටත් සටහන් වෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායී නුවර මූලික කොටගෙන ක්‍රියාත්මක වන මෙම කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගණය වන්නේ එම්. චිදම්බරම් ක්‍රීඩාංගණයයි.

මෙහි හිමිකාරීත්වය දරන ඉන්දීය සිමෙන්ති සමාගම දකුණු ඉන්දීය ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන එන්.සිරිනිවාසන්ට අයත් සමාගමක් වන අතර එන්.සිරිනිවාසන් යනු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පවා සභාපතිධූරයට පත් වූවෙක්. එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟමාලාවේ කොන්දේසියකට අනුව ඉන්දීය ක්‍රිකට් පරිපාලික කිසිම අයෙකුට වරලත් කන්ඩායම් වලින් කිසිඳු ලාභයක් ඉපයීමට නොහැකි වීම හේතුවෙන් ඔහු සීමාසහිත චෙන්නයී සුපර් කින්ග්ස් නමින් සමාගමක් ආරම්භ කර කණ්ඩායමේ හිමිකම ඊට පවරා ඇති නමුත් එම සමාගම සම්බන්ධව කිසිම තොරතුරක් කිසිම ලෙසකින් වාණිජ වෙබ් අඩවියක හෝ සොයාගන්නට නැහැ. එය හුදෙක් නාමික සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇතත් එහි සියලුම මෙහෙයුම් කටයුතු සිදුවන්නේ එහි මව් සමාගම වන ඉන්දීය සිමෙන්ති සමාගම හරහාය.

1945 මාර්තු 01දා උපත ලබා ඇති එන් සිරිනිවාසන් ටී එස් නාරයනස්වාමි සහ ජයලක්ශ්මී නාරයන්ස්වාමි දෙපලගේ වැඩිමහල් පුතු වන අතර ටී එස් නාරයන්ස්වාමි දකුණු ඉන්දීය පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක හිමිකරුවෙකි ලෙස ප්‍රකටය. සිරිනිවාසන්ගේ සොහොයුරු එන් රාමචන්ද්‍රන් ඉන්දීය ස්කොශ් රැකට් සංගමයේ සහ ඉන්දීය ඔලිම්පික් කමිටුවේ ද සභාපතිවරයා වනවා පමණක් නොව ලෝක ස්කොශ් සංගමයේද සභාපතිදූරය දෑරුවෙක් වේ.

 

45.jpg

 

kkkkkkkkkkkk.jpg

 

සිරිනිවාසන් සහ ඔහුගේ බිරිඳ වන චිත්‍රා සිරිනිවාසන් හට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඉන් අශ්වින් නම් පුතු සමලිංගිකයෙකු වේ. ඔහු වසර 15ක් තිස්සේ විව්ෘත සමලිංගික ඇසුරක් පවත්වන අතර කලකට පෙර ඔහු සමාජශාලාවක ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් එරට පුවත් මවන්නෙකු විය. එමෙන්ම තම පියා කුඩාකල තමුන් වධබන්ධනයට ලක් කල බවටද ඔහු චෝදනා එල්ලකොට ඇත. කෙසේ නමුත් සිරිනිවාසන්ගේ දැවන්ත ව්‍යාපාරික ජාලයේ කිසිඳු සබඳතාවක් මොහුට ඇති බවට කිස්ඳු සටහනක් නම් නොමැත.

නමුත් ඔහුගේ දියණිය වන රූපාගේ සැමියා වන ගුරුනාත් මෙයියප්පන් සිරිනිවාසන්ගේ අතිශයින්ම සමීපතමයෙක් වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ වූ ඔට්ටු දැමීමක් හා සම්බන්ධව වැර්දිකරු වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා කිසිම ක්‍රිකට් හා සම්බන්ධ ක්‍රියාකාරම් හා සම්බන්ධවීම තහනම් වී තිබෙනවා. ගුරුනාත් මෙයියප්පන් යනු දකුණු ඉන්දීය දැවැන්ත සිනමා සමාගමක් වන AVM සමාගමෙහි හිමිකරු වේ.

AVM ස්ටුඩියෝ සමාගම දෙමළ, තෙලිඟු, කන්නාඩ, මලයාලම් මෙන්ම හින්දි සිනමාවේද ප්‍රබල චිත්‍රපට සමාගමක් වන අතර දකුණු ඉන්දියාවේ දැනට මෙහෙයුම් කටයුතු වල නිරත වන පැරණිතම චිත්‍රාගාර හා සිනමා සමාගම වේ. එමෙන්ම එම් ජී ආර් සහ ජයලලීතා ජයරාම් වැනි ප්‍රබල දකුණු ඉන්දීය සිනමාතරු බිහිකල චිත්‍රාගරයක් වන AVM චිත්‍රාගාර සමාගමහි හිමිකරු වන මෙයියප්පන් හා වූ ඥාති සම්බන්දය සිරිනිවාසන්ට අවැසි වූ දේශපාලන ශක්තිය තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් හා ලැබුණු බව නොරහසකි.

ඔට්ටු දැමීම පමණක් නොව සිරිනිවාසන්ගෙ ප්‍රබලම ආදායම් මාර්ගයක් වූ ජග්මෝහෝන් රෙඩ්ඩි සතු ව්‍යාපාර වල ආයෝජන වලදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් සිරිනිවාසන්ට දූෂණ චෝදනා එල්ල වූ අතර ජග්මෝහන් රෙඩ්ඩි යනු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති වයි එස් රාජශේකර රෙඩ්ඩිගේ පුතුණුවන් ය.

ඉන්දීය ක්‍රිකට් පරිපාලනයෙන් ාධිකරණැ නියෝග මත සිරිනිවාසන් ඉවත් කිරීමත් චෙන්නයී සුපර් කින්ග්ස් කණ්ඩායම වසර දෙකකට තරඟ තහනමකට ලක් වීමත් සමඟ නිහඬ නොවූ එන් සිරිනිවාසන් තම දේශපාලන සබඳතා මුදල් බලය යොදවමින් 2016දී තමිල්නාඩු ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස පත් වූ අතර තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරඟාවලියද ආරම්භ කලේය.

එන් සිරිනිවාසන් සහ සොහොයුරු එන් රාමචන්ද්‍රන් එරට ක්‍රීඩා ක්ශේත්‍රයට දැවැන්ත සේවාවක් කලද දූෂිත පරිපාලකයන් ලෙසද කුප්‍රකටය.

Sri Lankan Editorඅසංක අරබේගොඩ

            Sri Lankans Online Sub Editor - Sport