Skip to main content
kiss

"තොල්පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න " කියල සින්දුවක් අහල තියනවද ? Kiss ගැන කොයි තරම් දේවල් ලියවෙනවද ?හාදුව එහෙමත් නැත්තම් KISS එක අපි හැමෝගෙම ජීවිත වලට කොයිතරම් සම්බන්ධද ? අපි හැමෝම වගේ සිප ගන්නවා .සිප ගැනීමකට ලක්වෙලා තියනවා .එහෙමත් නැත්නම් සිපගන්න ප්ලෑන් කරන් ඉන්නවා . kiss කරන්නේ කොහොමද කියන එකෙන් එහාට ගිය කරුණු ටිකක් ඔබ ට ගෙන එන්නටයි මේ ලිපිය පලකරන්න හිතුවේ ....

KISS එක හොදටFEEL වෙන්න නම් , ඒක කිසිදාක නොමැකෙන සමරු සටහනක් වගේ තියෙන්න නම් ,හාදුවට පෙර පහත දේවල් ගැන සැලකිලිමත් වී සිටීම ඇඟට ගුණයි. හැබැයි අද අපි කතා කරන්නේ “ආදරණීය හාදු” ගැන ....

 

kiss-pics2.jpg

 

ඔබේ පෙම්වතිය/පෙම්වතා සිපගැනීමකට සූදානම් වී සිටීම ඉතාම වැදගත් . දෙදෙනා එකිනෙකා හා ස්පර්ශ වෙමින් සුහද ලෙස කතා බහක යෙදී සිටින, සිනා සෙමින් සිටින අවස්තාවක් මේ සඳහා වඩා සුදුසුයි.මතක හිටින ආකාරයේ මිහිරි සිප ගැනීමකට දුර්ගන්ධයෙන් තොර හුස්මක් තිබිය යුතුමයි .සිප ගැනීමකට සුදුසු පරිසරයක තිබිය යුතුමයි .තදබදයක් සහිත, ඝෝෂාකාරී පරිසරයක් සිප ගැනීම සඳහා කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා එම අවස්ථාවට ගැළපෙන ප්‍රේමණීය පරිසරයක් ඇති ස්ථානයක් ඔබ විසින් තෝරාගෙන තිබිය යුතුයි.

ඔබේ සිරුරෙන් දහදිය ගඳ වහනය වනවානම් එය ඔබේ පෙම්වතාට/පෙම්වතියට අප්‍රසන්න අත්දැකීමක් වන්නට පුළුවන්. ඒ නිසා පිරිසිදුව, පිළිවෙලකට ඔහු හෝ ඇය ඉදිරියේ පෙනී සිටීම වැදගත්.සිප ගැනීමකට සුදුසු ආකාරයෙන් සමීපව සිටීම.මෘදු ලෙස ආරම්භය ගැනීම .කලබලය මෙන්ම ආවේගශීලී වීම මෙවන් මොහොතකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.සිප ගන්නා විට ඔබේ දෑත් ඔහුගේ හෝ ඇයගේ සිරුර වටා එතී තිබීම ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් ගෙන දේවි.

ප්‍රථම හාදුවෙදී තම පෙම්වතා අනවශ්‍ය ආකාරයට දිව භාවිතා කිරීම කාන්තාවන්ගේ නොරිස්සුමට ලක්වන බවයි කියැවෙන්නේ. ඒ නිසා ඇයට අප්‍රසන්න හැඟීමක් ගෙන නොදෙන ආකාරයට එය පාලනය කරගැනීම වැදගත්.හාදුවක් කොපමණ වෙලාවක් පුරා දිය යුතුද යන්න පිලිබඳ නිශ්චිත මිනුමක් නැහැ. ඔබ දෙදෙනා කැමති, පහසුවෙන් සිටිය හැකි ඕනෑම වෙලාවක් පුරා ඔබට සිප ගැනීමේ නිරතව සිටිය හැකියි.

 

kiss-pics4.jpg

 

සිප ගැනීමෙන් පසුවත් එකිනෙකා හා මිත්‍රශීලීව සිටින්නට ඔබ වග බලාගත යුතුයි. තැති ගැනීමෙන් හා කලබලකාරීව සිටිය යුතු නැහැ. හාදුවෙන් පසුව ‘මම මේ මොහොත වෙනකල් බලාගෙන හිටියා’ වැනි යමක් පැවසීම සුදුසුයි.අපි දැන් බලමු KISS කිරීමේ ඉතිහාසය හා බැදි විස්තර ටිකක් ..KISS කියන වචනය “Cyssan” කියන පැරනි ඉංග්‍රීසි වචනයෙන් බිදුන එකක්. බොහෝදෙනා හිතනවා KISS කියන වචනය කිස් කිරීමේදී ඇතිවන ශබ්දයත් එක්ක බැදි එකක් කියල.

 

රෝමයෙ නම් KISS වර්ග අනුව විවිධ නම්.තියනව. අත සිපගන්නවට කියන්නෙ Basium කියල. මුවට මුව තබා සිප ගන්නවට කියන්නෙ Osculum කියලා.ඊටත් සරාගී සිපගැනීමක් නම් Saviolum කියල කියනව.දන්නවාද ලෝකයේ වෙසෙන ජනතාව ගෙන් 10% ක් විවිධ හේතු හින්ද සිප නොගන්නා බව.?

 

සිප ගැනීම ආරම්භ වුන හැටි ගැන හරි සදහනක් නෑ... හැබැයි මාලුවා ට පීනන්න ඉගැන්විය යුතු නැතුවා වාගේම මිනිසාටත් හාදුව සහජයෙන්ම එන්නත් ඇති. ඒත් මේ හාදුව ලොව පුරා ව්‍යාප්ත කලේ ඇලෙක්සැන්ඩර් රජතුමා කියලයි කියන්නෙ.සත්තුත් සිපගන්නවාද ? ඔව් .බොහෝ සතුන් සිපගන්නවා.චිම්පන්සීන් මිනිසුන් ට සමානවත් අලින් හොඩවැල් පටලවාගෙන සිපගන්න හැටිත් ඔබ දැක ඇති

 

සිප ගැනීම ශරීර සෞඛ්‍ය ටත් ඉතාම හොද දෙයක්ලු. ප්‍රතිශක්තිකරන පද්ධතිය වර්ධනයට එය හේතුවෙනව වගේම පැයක් එක දිගට සිප ගත්තොත් කැලරි 1560 දහනය කරන්නත් පුලුවන්ලු....සමහර රටවල පොදු ස්ථාන වල සිප ගැනීම තහනම්....ඒකත් සිප ගන්න අය දැනුවත්වෙන්න ඕනෙ සංචාරය කරද්දි එහෙම.

 

සමහරැන් සිප ගන්න භීතියකින් පෙලෙනවා.ඒකට කියන්නෙ Philemaphobia කියල .KISSING Style කීපයක් ගැනත් කතා කලේ නැත්තං අඩුවක් නේද ?

 

මැලේසියාව සහ ඇලස්කා රටවල් දෙකේ සිටින ජනතාව දෙතොල් සිපගනු වෙනුවට කරන්නේ එකිනෙකාගේ නාසයන් වලින් එකිනෙකා ස්පර්ශ කරගැනීමයි.සමහර රටවල පිළිගැනීම් හෝ සමුදීම් වෙනුවට පිරිමි කාන්තාවන්ගේ හස්තය සිපගැනීම කරනු ලබයි. මේ චාරිත්‍රයම කරන සමහර වික්ටෝරියානු රටවල් වල පිරිමින් සිපගන්නේ කාන්තාවන්ගේ හස්තයේ පිට පැත්තයි.දකුණු අප්‍රිකාවේ පිරිමියෙකු යම් කාන්තාවක් හඳුනයි නම් පමණක් කම්මුලට හාදුවක් දී පිළිගන්නා අතර නොහඳුනයි නම් අතට අත දීමෙන් පමණක් සෑහීමට පත් වීමට සිදුවෙයි.ඇමෙරිකාවේ හාර්ට්ෆොර්ඩ්හි සැමියන්ට සිය බිරින්දෑවරුන්ව ඉරිදාට සිප ගැනීම තහනම් ය.අයෝවාහි අමුත්තෙකුට සිපාචාර කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.ඉන්දියානාහි උඩු රැවුල වැවු පිරිමියෙකුව සිප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.ඇමෙරිකාවේ හමුවීමකදී කාන්තාව එකිනෙකාගේ කම්මුල් සිපාචාර කර පිළිගන්නා අතර අතට අත දීමද සිදු කරයි.

 

ගුවනේ පා කර හරින හාදු සහ කම්මුල් වලට හාදු දීම වඩාත් ප්‍රචලිත යුරෝපය තුලය.දෙදෙනෙකුගේ උණුසුම් ලෙස ආදරය බෙදා ගැනීම සඳහා දෙතොලට දෙන හාදුව හඳුන්වන්නේ FRENCH KISS නමින්ය.ස්පාඤ්ඤයේ ජනතාව හැමවිටම දෙවරක් ගුවනේ පා කර හරින හාදු දෙති. කම්මුල් වලට හාදු දෙන විට දකුණු පැත්තෙන් ආරම්භ කරති. පිරිමින් හාදු දීමට පෙර අතට අත දී ආචාර කරති.ඉතාලියේ ගුවනේ පා කර හරින හාදු වඩා ප්‍රචලිත ය. නමුත් ඔවුන් කම්මුලට හාදු දෙන විට ආරම්භ කරන්නේ වම් කම්මුලෙනි.ජර්මනියේ හාදු දීම එතරම් අනුමත කරන්නේ නැත. අමුත්තන් දෙදෙනෙකු නම් අතට අත දීම වඩා සුභ දායකය. මිතුරන් නම් ඔවුන් වැළඳ ගැනීමක් හාදුවකට වඩා බලවත් බව සිතයි.ජපානයේ සහ චීනය එළිමහනේදී එකිනෙකාට සිපාචාර කරගන්නේ නැත, ඔවුන් ආදර එක්වීමකදී පමණකි එසේ කරන්නේ.ඉන්දියාවේ කොහෙත්ම එළිපිට සිපගැනීම අනුමත නොකරයි. එය විටෙක සමාජයෙන් කොන්වීමට තරම් හේතුවක් වන්නට හැකිය.බෙල්ජියමේ කාන්තාවන් එකිනෙකාට ගුවනේ පා කර හරින හාදු දෙති. පිරිමින් ද ඊට දෙවෙනි නැත. ඔවුන් අතට අත දෙන්නේ ව්‍යාපාරික කටයුත්තකදී පමණි.

 

Thai-couple-make-a-record-kissing.jpg

 

යුරෝපයේ කොයි තරම් හාදුව ප්‍රචලිත වුනත්, එක දිගට පැය 58 , විනාඩි 35 කුත් තත්පර 58 සිපගෙන ගිනස් වාර්තාවක් තියල තියෙන්නෙ ආසියාවෙ යුවලක් වීම අපිටත් ආඩම්බරයක් . ඒ තායිලන්තෙ Ekkachai Tiranarat සහ Laksana Tiranarat යන දෙදෙනයි.
ඔවුන් මේ වාර්තාව තිබ්බෙ 2013 පෙබරවාරි 12-14 අතර කාලයේදී . හරියටම Valentine දවසෙදි.