Skip to main content
Custody

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.  
ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.  
 
image_5a686582bf.jpg

                                                                                                       Photo Courtesy  Lankadeepa
 
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළව මීට පෙර සතොස හිටපු සභාපති නවීන් රුවන් මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බවත් පොලිසිය පවසයි.