Skip to main content
kumar

ඉතින් ලැබෙන පුංචි ඉස්පාසුවෙ හරි ගෙදර අ⁣ය වෙනුවෙන් කාලය ගත කරන එක තමා සතුට... කීඩකයෙක් හැටිය⁣ට ඉදපු කාලෙ ඉදලම අපි බොහෝ දෙනෙකුට මේ ගෙදර " මිස්" වෙන එක තියනවා. එක දිගට තරග, ලංකාවෙ හිටියොත් පුහුණුවීම් , මේ හැමදෙයක් හින්ද ක්‍රිඩකයන් කරන්නෙ සුලු කැපකිරීමක් නෙමේ.

පහුගිය සංචාරය ගැන මට පුද්ගලිකව සතුටුයි.තරග සියල්ල හොදින් කලා. 
ක්‍රිඩකයන් අතර වගේම විනිසුරුවන් අතරත් තරගකාරී තත්වයක් තියෙනවා. SUPER 8 pannel එකේ රෑදෙන්න අපි හැමදේම හරියට කරන්න ඕනෙ. තරගය ඇතුලෙ වගේම තරගයෙන් පිටතදි , වාර්තා සැපයීම ආදී සියලු කරැනු...

මට හැම තරගයක්ම අභියෝගයක්, ඒත් මම කවදාවත්
ඒක පීඩනයක් කරගන්නෙ නෑ. යාර 22 මැද මගේ තීරනය , තරගයකට කොයිතරම් බලපෑමක් වෙනවද කියන එක තේරැම් ගෙන කටයුතු කිරීම තමා ඉතාම වැදගත් දේ.

සාර්ථක එක්දින තරගාවලියකට පස්සෙ අපේ ශ්‍රීලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ඉතාම හොදට කලා , ඒක සතුටක්...ටෙස්ට් තරගයක ප්‍රතිවාදීන් 500 ගැහුවාම තියන පීඩනය මම දන්නවා. අපේ සියලුම පිතිකරැවන් හොද මානසික තත්වයකින් ඊට මුහුනදීම ප්‍රසස්තයි. 175+ දෙකකුත් 100+ එකකුත් අර්ධ ශතක දෙකකුත් කියන්න සුපිරි ඝණයේ පිහිහරඹයක්..අපේ කදවුරේ තත්වය ගැන හොද positive Sign එකක් මේ ටෙස්ට් තරගය..

ජාත්‍යන්තර තරගයකදි ශතක දෙකක් පිට පිටම ලබාගන්නව කියන්නෙ විශිෂ්ඨ දක්ෂතාවක් . හසිත බෝයගොඩ , ඔහු කීඩාකරනවා මම දැකල නෑ නමුත් ඒ දක්ෂතාව මම අගයකරන්න කැමතියි.ඒ වගේම පසුගිය සතිඅන්තෙ ආනන්දෙට එරෙහිවත් ඔහු ශතකයක් ගහල තිබුන. අර්ජුන අරවින්ද අයියල පාසල් ගහන කාලෙම ජාතික පිල ගහන බව ගොඩ දෙනකු දැන හිටියා. 
අසංක, රොෂාන් , හෂාන්, මම , මහේල ගැනත් බොහෝ දෙනා මුල ඉදලම ඒක කීවා.මෑත කාලෙ ඉස්කෝලෙන් ජාතික තලයට කීඩකයින් ආවෙ නෑ... අපි බලාන ඉමු පාසල් කීඩාව සහ ජාත්‍යන්තර තරග අතර ඇති Gap එක මේ තරැණ දරැවො ජයගන්න හැටි.

පලාත් තරගාවලිය ලගදීම ආරම්භ වෙන බව දැනගන්න ලැබුනා.මෙය ඉතාම වැදගත් තරගාවලියෙක් . අපේ කණ්ඩායම හරි මගකට එන්න , කණ්ඩායමේ ඇතුලෙ පහලොස් දෙන්නාට එන්න එලියෙ තව 20-30 තරගයක් දෙන්න ඕනෙ.මේක තමා
ඒකට හොදම අවස්ංථාව.

අවුරැදු 22 ඉස්සෙල්ල නිදහසේ 48 වැනි සමරැව සමරන වෙලාවෙ අපි හිටියෙ එක ඉලක්කයක. ඒ ලංකාවෙ ක්‍රිඩාවට දිය හැකි ලොකුම ජයග්‍රහණය ලබාදෙන්න. 1996 ලෝක කුසලානට අපි කණ්ඩායමක් හැටියට එකතුවෙලා සටනට බැහැල අවුරැදු 22. ඒ කණ්ඩායමේ සිටීමේ සතුටට වඩා දෙයක් ජීවිත කාලයටම ලැබෙන එකක් නෑ....අවුරැදු 22 ගියත් අපි 14 දෙනාම විවිධ අවස්ථාවල මුණ ගැහෙනවා. කතා කරනවා.හැමෝම එකම පවුලක් වගේ. ලෝක කුසලාන ජයේ 22 වසර සමරන්න මේ අවුරැද්දෙත් බලන් ඉන්නවා සති කීපයකින්.....

සැමට සුභ සතියක්...!!!
මම කුමාර ධර්මසේන

Standard (Image)