Skip to main content
Shashikala

 

මැලේසියාවේදී ලබන 3 වැනිදා ආරම්භවන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලි යේ  ශ්‍රී ලංකා නායිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන පත්කර ඇත.  

ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායිකා චමරි අතපත්තු සහ අමා කාංචනාට ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. මේ හේතුවෙන් හිටපු නායිකාවක්වූ ශෂිකලා සිරිවර්ධන මෙම තරගාවලියේදී තාවකාලික නායිකාව ලෙස පත්කර තිබේ. චමරි අතපත්තු සහ අමා කාංචනා වෙනුවට ඉනෝකා රණවීර සහ හර්ෂිතා මාධවී කැඳවීමට තේරීම් කමිටුව පියවරගෙන ඇත.

 

තරගාවලිය ජූනි මස 3 වැනිදා සිට ජූනි මස 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාම්පූර්හීදී පැවැත්වේ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය යන කණ්ඩායම් 6 ක් ඊට  සහභාගි වෙති.

 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ශෂිකලා සිරිවර්ධන (නායිකා), හසිනි පෙරේරා, යශෝධා මෙන්ඩිස්, අනුෂ්කා සංජීවනී, රෙබෙකා වැන්ඩර්ට්, නිලක්ෂි ද සිල්වා, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරී, ඕෂදී රණසිංහ, නිපුනි හංසිකා, මල්ෂා ශෙහානී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, හර්ෂිතා මාධවී.

 

අතිරේක ක්‍රීඩිකාවෝ

ශ්‍රීපාලී වීරක්කොඩි, කවීශා දිල්හාරී, සත්‍යා සංදීපනී

ශ්‍රී ලංකා පිලේ තරග කාලසටහන

● ජූනි 03 - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්වාලාම්පූර්හිදී

● ජූලි 04 - ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ක්වාලාම්පූර්හිදී

● ජූලි 06 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්වාලාම්පූර්හිදී

● ජූලි 07 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්වාලාම්පූර්හිදී

● ජූලි 09 - ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අතර ක්වාලාම්පූර්හිදී

Standard (Image)