Skip to main content
somaweera

 

 

අග්‍රගන්‍ය ශ්‍රී ලාංකීය සාහිත්‍ය කරුවකු වූ සෝමවීර සේනානායක මහතා අභාවප්‍රප්ත වෙයි.

මවකගේ ගීතය ,යශෝරාවය , මැණික් නදිය ගලා බසී ,බලදේව ගේ ලෝකය ,ගග අද්දර කැලේ  , එක්ටැම්  ගෙවල් ,මතු දවස ,අපි තවමත් සංසාරේ ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කල සේනානායක මහතා වැඩිපුර  ජනතාව අතරට ගියේ ටෙලි නාට්‍ය පිටපත් රචකයෙකු ලෙසය.

 සේනානායක මහතා රචනාකළ පළිඟුමැණිකේ නාට්‍ය ඉතා ජනප්‍රිය වූ අතර එහි සූරසේනගේ නිතර කටේ තිබුණ ‘පට් පට් ගාලා සම්තිං හොයන්න ඕන’ කියන වචන පෙළ බොහෝ සෙයින් සමාජය තුළ ජනප්‍රිය විය .

පළිඟුමැණිකේ, අසල්වැසියෝ, යශෝරාවය, කන්දෙගෙදර, දූ දරුවෝ, නෑදෑයෝ, ගිරය, සිත නිවන කථා  ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සේනානායක මහතා අතින් රචනා විය.

සිනමා පට දහයකට පමණ මා තිර රචනා කර ඇති සේනානායක මහතා අවසන් වරට  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ගේ ‘වෑකන්ද වලව්ව’ හා ‘අම්මාවරුනේ’ චිත්‍රපටවලට සිය දායකත්වය දැක්වීය 

මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය .