Skip to main content
currency

 

ශ්‍රී ලංකා රුපියල අද (15) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව යහපත්  වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයට ගැනුම් මිල රු. 167.7325 ක් හා විකුණුම් මිල රු. 171.6077 ක් ලෙසින් වාර්තා විය.

 

පසුගිය සිකුරාදා (12) නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 169.0484 ක් හා විකුණුම් මිල රු. 172.9301 ක් ලෙසින් සටහන් වී තිබුණි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබුණු වැඩිම ගැනුම් හා විකුණුම් මිල ගණන් ලෙසින් සැලකේ.

 

වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ලැබීමට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම මෙලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවයි.

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ඉදිරි සතිය තුළ ලැබීමට නියමිත බව දෙසතියකට කලින්  පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අනාවරණය කර සිටියේය.