Skip to main content
tiger

 

 

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කිළිනොච්චිය පොලීසිය ඊයේ (23) රාත්‍රී අම්බාල්කුලම් ප්‍රදේශයේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු අද උදෑසන පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ බටහිර කිළිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Photo -Hiru News)