Skip to main content
upali

 

ජනප්‍රිය  ගායන ශිල්පියෙකු මෙන්ම ගිටාර් වාදන  ශිල්පී  උපාලි කන්නන්ගර මහතා ජීවන ගමන නිමාකරයි. දින කිහිපයකට පෙර හෘද රෝගී තත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලද ඒ මහතා එහිදී අද අභාවප්‍රාප්ත  වී ඇත. මියයනවිට ඔහු 67 වැනි වියේ පසුවිය .

Super  Star  සංගීත කණ්ඩායමේ වාදකයෙකු ලෙස 80 දශකයේ ඇති මහත් ජනාදරයට පත්වූ උපාලි කන්නන්ගර අනතුරුව කලක් දේශීය සංගීතයෙන් ඈත්ව  විදෙස් ගතව සිටියේය . අනතුරුව ගායකයෙකු ලෙස ද ගීත ලෝකයට පැමිණි ඔහු ගේ ' පාරට කිට්ටුව ' ,  'දුම්බර මිටියාවත පැත්තේ' ඇතුළු ගීත කීපයක් ඉතා ජනප්‍රිය විය  

අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

 

(File Photo)