Skip to main content
SLFP

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (03) රැස් වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස් කම් සිදුව තිබේ.

ඒ අනුව තනතුරු කීපයක් සදහා  තාවකාලික පත්කිරීම් සිදුකර ඇත .

පක්ෂයේ  මහ ලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලංකා නිදහස් පක්ෂයේ  ජාතික සංවිධායකවරයා වශයෙන් ද භාණ්ඩාගාරිකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ද පත් කර තිබේ.

එමෙන්ම තාවකාලික ජ්‍යේෂ්ඨ උප සභාපතිවරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා යන අය පත් කර තිබේ.

මෙම තාවකාලික නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්විය

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.