Skip to main content

test1

 මෝරන වී                             කරල
නැමෙයි රස වැඩි වන               කල
නුවන මෝරන                         කල
එමෙන් දරු පෙල නැමෙයි මන කල

බඩු පිරෙන                           තරමට
ගිලෙයි නැව සමුදුර                    පිට
ඉසුරු වැඩිවන                           විට
උඩගු නැති අය පවති          එලෙසට
           ඇල්. ඇම්. සිල්වා. ගුරු මුහන්දිරම්. -1895
 

සිරියාවට එරෙහි ප්‍රහාරවලට ඊශ්‍රායලයේ පැසසුම්

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන සිරියාවේ ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරය පසසන අතරවාරයේදී ඉරාන මැදිහත් වීම සිරියානු අර්බුදය තව උග්‍ර කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

මාලදිවයින දේශපාලන අර්බුදය ඔඩුදුවයි

මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ නියෝගය මත, එරට අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රාහුල් තමයි පක්ෂ නායකයා

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්වුණු අතර, ඊට එක්වුණු සෝනියා ගාන්ධි කියා සිටියේ කොංග්‍රස් පක්ෂයේ නායකයා තම පුතු රාහුල් බවත්, තමා ද දැන් පිළිපඳින්නේ රාහුල්ගේ උපදෙස් බවත්ය.

ට්‍රම්ප් මාලදිවයින ගැන විමසයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් දී, මාලදිවයින අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසූ බව ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
Subscribe to World Politics