Skip to main content
cyclone

 

 

පිලිපීනයට බලපෑ ඇති "මැන්ග්කට්" දැවැන්ත සුළි කුණාටුව නිසා විශාල ජනතාවකට ජිවිත , උන් හිටි තැන්  අහිමිව   දේපළ හානි රැසක් සිදුව තිබේ.මේ හේතුවෙන්  පුද්ගලයන් 25ක් පමණ මිය ගොස් ඇති අතර  සන්නිවේදන මාර්ගවලට හානි පැමිණීමෙන්  නිශ්චිත තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇති බව සහන සේවා කණ්ඩායම් පවසයි .

 

කුණාටුව බලපෑ  ප්‍රදේශ වල ජන ජීවිතය ට විශාල බලපෑමක් ඇති වී ඇති අතර  , බොහොමයක් කඩ සාප්පු වසා දමා ඇති අතර සහ පොදු සේවාවන් ද සම්පුර්ණයෙන් පාහේ ඇණහිට තිබේ. එමෙන්ම හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 800කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර ගුවන් මගීන් ලක්ෂයකට අධික පිරිසකට මෙය බලපා ඇත.මෙම චණ්ඩ මාරුතය බටහිර දෙසින් චීනයට ගමන් කරමින් පවතින අතර එහි වේගය පැයට කිලෝමීටර 145ක් පමණ වන බව දැක්වෙයි.

 

පිලිපීනය "මැන්ග්කට්" චණ්ඩ මාරුතයෙන් පීඩා විඳින විට ඇමරිකාව "ෆ්ලොරන්ස්" සුළි කුණාටුවෙන් හෙම්බත්ව සිටියි.