Skip to main content
selfi

 

 

සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 සැන්ඩ්‍ර ඩි  කොස්තා ( Sandra Manuela da Costa) නම් 27 හැවිරිදි ගුරුවරියක් තමා  පදිංචි  මහල් නිවාස සංකීර්ණයේ 27 වැනි මහලින්  ඇද වැටී මිය ගොස් ඇති බව පැනමා පොලිසිය සදහන් කරනවා.

 

පෘතුගීසි ජාතික කාන්තාවක් වන ඇය දෙදෙරු මවක් .  ඇය  පැනමාවේ පාසලක සේවය කිරීමට පැමිණ ඇත්තේ පසුගිය සතියේදීයි  . තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි බැල්කනියේ සිට සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදී සමබරතාවය බිඳ වැටීමෙන් ඇය  ඇද වැටෙන අයුරු අසල ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙක් සිය දුරකථනයෙන්   පටිගත කර තිබෙනවා.

 

2011 වසරේ සිට 2017 වසර දක්වා කාලයේදී සෙල්ෆි ජයාරූප ගැනීමට ගොස් පුද්ගලයින් 269 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාවේ සමීක්ෂණ ආයතනයක් ඉකුත් සතියේදී වාර්තා කළා.