Skip to main content
chef

 


ලෝක ප්‍රකට සූප වේදියෙකු සහ රුපවාහිනී ඉදිරිපත්කරන්නෙකු වන   ඇන්තනි බර්ඩයින්(Anthony Bourdain)  මියයයි  . CNN  නාලිකාවේ අහාර  සහ සංචාරක  වැඩසටහන් ඉදිරිපත්කල ලෝක ප්‍රසිද්ධ මෙම සුප වේදියාගේ මල සිරුරු ප්‍රංශයේ Strasbourg හි හෝටල් කාමරයක තිබී අද අලුයම සොයාගෙන ඇත.

මෙය සිය දිවි නසාගැනීමක් යැයි  විශ්වාස කෙරේ. ඔහු මේ දිනවල සිය නවතම රූපගත කිරීම් සදහා ප්‍රංශය ට පැමිණ සිටියේය .මිය යනවිට 61වෙනි වියේ පසු වූ ඇන්තනි බර්ඩයින් CNN  ඇතුළු රුපවාහිනී නාළිකා  ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි .

ඇන්තනි බර්ඩයින් මේ සතිය තුල සියදිවි නසාගත් දෙවන ඇමරිකානු ශිල්පියා  වන අතර පසුගිය අගහරුවාදා  ඉතා ජනප්‍රිය  මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන Kate Spade ද සිය දිවි න ගැනීමකින්  මරණයට පත්විය.