Skip to main content
km

 

 

පස්වතාවක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ අමාත්‍ය ධුරය සහ ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයේ නායකත්වය හෙබ වූ එම්. කරුණානිධි මහතා අද (7) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

අසනීප තත්ත්වය නිසා රෝහල් ගත කර සිටි හෙතෙම මිය යනවිට 94 වැනි වියේ පසුවිය. එම්. කරුණානිධි මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ කාවේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්ත්වය බරපතළ යැයි එම රෝහල අද (7) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් පැය කිහිපයකට පසු   එම්. කරුණානිධි මහතා අභාවප්‍රාප්ත වූ බව නිවේදනයක් නිකුත් කරමින්  රෝහල් බලධාරීන් සඳහන් කළේය.