Skip to main content
indo pak

 

 

දෙරට අතර  සාකච්ඡා නැවත ආරම්භ කරමු යැයි යෝජනා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට සාකච්ඡා පැවැතියේ 2015 වසරේදීය. ආරම්භයක් ලෙස විදේශ ඇමතිවරුන්ගේ  සාකච්ඡා වටයක් පැවැත්විය යුතු බව පකිස්ථාන අගමැතිවරයා   යෝජනා කර ඇත.ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තානය සූදානම් යැයි ද එහි සදහන්ය. 

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතු ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කරගන්නා බව සඳහන් කළේය. ඉන්දියාව එක් පියවරක් ඉදිරියට තැබුවහොත් පාකිස්තානය පියවර දෙකක් තබන බව හෙතම  පැවැසීය.