Skip to main content
nz

 

නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern, අද සිය කුළුදුල් දරුවා බිහිකළ බවට  ඇයගේ  Instagram ගිණුමට පණිවිඩයක්  එක්කරමින් කියා සිටිනවා. ඇගේ  සහකරු Clarke Gayford සහ අලුත උපන් දියණිය ගේ මෙම ජයරුපය විදෙස් මාධ්‍ය රැසක මුල් පුවත් අතරේ පළකෙරෙනවා.

 

මෑත ඉතිහාසයේ රාජ්‍ය නායිකාවක් තම ධුරකාලය තුලදී දරුවෙකු ප්‍රසුත කල දෙවන අවස්ථාව මෙයයි . මීට වසර 28 කට පෙර පකිස්ථානයේ එවකට අගමැතිනිය බෙනාසීර් භුටෝ මහත්මිය බලයේ සිටියදී  දරුවෙකු ප්‍රසුත කලාය . 

 

ඕක්ලන්ඩ් නුවර රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය ස්තුති කල අගමැතිනිය ''අද මට බෙහෙවින්ම සතුටු දවසක් 'යනුවෙන්  Instagram පණිවිඩයේ සදහන් කරයි. නවසීලන්ත රජයේ නීතියට අනුව සති 6 ක ප්‍රසුත නිවාඩු අගමැතිනිය ලබා ඇති  අතර ඒ කාලය තුල වැඩ බැලීම සදහා Winston Peters පත් කර ඇත .

 

9876280-3x2-700x467.jpg