Skip to main content
Prime Minister

 

හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන රුපියල් ලක්ෂ 28.7ක්ද වන බව මැලේසියානු මාධ්‍ය අද වාර්තා කළා .

 මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ  තවත් ස්ථාන  කීපයක තිබී 
මුදල් ,  මිල අධික  අත්බෑග් සහ ඔරලෝසූ  පොලිස් භාරයට පත්විය. මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කරනු ලැබ තිබෙන අතර මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කළේය.  
 
 1Malaysia Development Berhad’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට හිටපු අගමැතිවරයා ට  චෝදනා එල්ල වී තිබේ. 

 

180516143712-01-najib-razak-raid-0516-exlarge-169.jpg

Standard (Image)
Recommended