Skip to main content
health

ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදරට නැතිවම බැහැ.මොකද ලොකු පොඩි බේදයක් නැතිවම අනතුරක් කොයි වෙලේද කියලා කියන්න බැහැ නේ.ඉතින් අපි නිවසේදීම මේ සදහා සූදානම් වෙලා ඉන්න ඕනේ.පෙර සූදානම කොයි දේටත් හොදයි නේ.ඉතින් අද අපි කතා කරමු මොනවද ප්‍රථමාධාර පෙට්ටියක ඇතුලත් කරන්න ඕන ද්‍රව්‍ය මොනවද කියලා .

වේදනානාශක පෙති.කවුරුත් දන්න පැටසිටමෝල් කාඩ් එකක් හෝ කීපයක් .උණ සහ වේදනාවට වැදගත්.තව NSAIDS වර්ගයට අයත් වේදනානාශකයක්.මෙය වේදනාවට වගේම ප්‍රදාහය අඩු කරන්න වැදගත්.(Brufen/Diclofenac sodium)ඒ වාගේම තැලීමකදී භාවිතා කිරීමට වේදනානාශක බාම් එකක් හෝ ස්ප්‍රේ එකක්.(wintogino,සිද්ධාලේප) හා අයිස් වල හා උණු වතුරේ දැමිය හැකි ජෙල් අඩංගු බෑගයක්.(hot and cold pack).

ඒ වගේම තුවාලයක් උනොත් ඒකට භාවිතා කරන දේවල්.ප්ලස්ටර් කීපයක්,ගෝස් කෑලි කීපයක්(sterile ),කපු පුළුන් ,කතුරක් .බැන්ඩේජ් රෝල් කීපයක්.ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ අඩංගු ක්‍රීම් එකක් හෝ කීපයක්.මේ මගින් තුවාල ආසාත්මිකතාවය මග හරිනවා.

ඒ වගේම තුවාල පිරිසිදු කරන පිරිසිදු කාරක දියරයන්.මේ සදහා සේලයින් දියර හෝ තනුක කරන ලද අයඩීන් ද්‍රාවණයක් භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම සබන් කෑල්ලක්.වැදගත්ම දේ අළුත් තුවාල සදහා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා නොකිරීමට වග බලා ගන්න.ඒ මගින් තුවාලයක් සුව වීමේ හැකියාව අඩු කරනවා.ඒ වගේම සර්ජිකල් ස්පිරිට් උනත් සුදුසු නෑ.

firstbox.jpg

 

ආසාත්මිකතාවයකදී හා සෙම්ප්‍රතිශ්‍යාවකදී භාවිතා කරන දේ ගැන මින් පසු බලමු.නාසය සොටු ගලනවානම් හෝ සෙම නිසා නාසය හිරවීමක් හෝ ඇති වෙනවානම් සුදුසු ඉන්හේලරයක් හෝ සේලයින් අඩංගු නාසික දියරක් තිබෙනවානම් හොදයි .මේ මගින් ස්වසන මාර්ගය ලිහිල් කර හුස්ම ගැනීම පහසු කරනවා.

සෙම ඇති උනාම සිදුවන සාමාන්‍ය තත්වයක් තමයි උණ.නිවරදිව උණ තත්වය බැලීමට උශ්ණත්වමානයක් තිබීම ඉතාම වැදගත්.ඒ වගේම ආසාත්මිකතාවකදී භාවිතා කරන ඖෂධ(anti histamine like piriton .,cetrizine ,fexofenadine ) තිබීම ඉතාම වැදගත්.සමහර මෙවැනි ඖෂධ නිදිමත ගතියක් ඇති කරන අතර අප රැකියාවක් කරනවා නම් හෝ රිය පදවනවා නම් නිදිමත ඇති නොකරන ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත්.

c.jpg

 

ඒ වගේම හදිසි අස්ථි බිදීමකදී භාවිතා කරන්න පුලුවන් ග්ලෝබල් බැන්ඩේජ් හා ට්‍රෑන්ගියුලර් බැන්ඩේජ් එකක් තිබීමත් වැදගත්.ප්‍රධානම දේ ඉහත ද්‍රව්‍ය ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය පිලිබදව සැලකිලිමත් වීම ඉතා වැදගත් .

(වෛද්‍ය වර්ෂා ගංගානි)