Skip to main content
france

 

විවාහය කියන්නෙ මෑත කාලයෙ ඉතාම සීග්‍රයෙන් වාණිජකරණය වූ දෙයක්. ශ්‍රී ලංකාවෙ මේ තත්වය ඉතාම දරැණුයි. මිලියන ගණනක් වියදම් කරනවා විවාහයකට...

ඒත් ලෝකයේ බොහෝ රටවල දෙනා විවාහය ඉතාම සරලව සහ පුහු ආටෝපයෙන් තොරව කරනවා. යුරෝපයේ සමහර රටවල මනමාලියන් තමන්ගෙ හැඩගැන්වීම තමන් විසින්ම කරගන්න පෙලෙඹෙනවා. ඒ විතරක් නෙමේ ලොකු උත්සවත් නෑ. හැබැයි ඔවුන් සරලව විවාහ වෙලා සතුටින් සරලව ජීවිතය ගෙවනවා.

එහෙම ජීවිතේ පටන් ගන්න යන යුවලක්  ප්‍රංශයේ උමං දුම්රියකදි Srilankan පැරිස් වාර්තාකරැගෙ කැමරාවට අසුවුනා.

ලතින් සම්භවයක් ඇති මේ මනාලියත් නැගෙනහිර යුරෝපයෙන් පැරිසියට ආපු මේ මනමාලයත් ලස්සනට ඇද පැලදගෙන ගිහින් තියෙන්නෙ තමන්ගෙ විවාහය ලියාපදිංචි කරන්න. ඒ වැඩේ කරගත්තට පස්සෙ මේ දෙන්නට හිතුනා මේ දවස මතකෙට හිටින්න ජායාරූප කීපයක් ගන්න.ඔවුන් උමං දුම්රියේ නැගල අයිෆල් කුළුණ ගාවට යන ගමන් මේ. 
අද තරමක් වැස්ස හින්ද කුඩයක් අරන් යන්නත් මනමාලය අමතකකරල නෑ....

මේ දෙන්න එකක් දහ දොලොස් දෙනෙක්ගෙන් යුතු කැමරා කණ්ඩායමක් නම් හිටියෙ නෑ.ජංගම දුරකතනෙ කැමරා එක ඔවුන්ට හොදටම ඇතිලු.යුරෝපීයයන් සතු සරල දිවි පෙවතට හොද උදාහරනයක්.

ඔබත් මේවගේ විශේෂයි කියල හිතෙන දෙයක් දැක්කොත් srilankans-online.comවෙත එවන්න අමතක කරන්න එපා...

Standard (Image)