Skip to main content
denim

 

මෙය කියවන ඔබේ වයස අවු 10 ක කෙනෙක් වුනත් 30 ක් වුනත් 50 ක් වුනත් 80 ක් වුනත් ඒ සියලුදෙනාටම පොදු අයිතියක් ඇති දෙයක් ගැනයි අද කතා බහ...

ඒ ඩෙනිම් කලිසම.

ඔබ කාන්තාවක්ද , පිරිමියෙක්ද? කම්කරැවෙක්ද? එහෙමත් නැත්නම් රජ පවුලක සාමාජිකයෙක්ද මේ කව්රැවුනත් ඩෙනිම ඔබේ සන්තකයේ ඇති පොදු වස්තුවක්.

.... එහෙම නේද ...?

අල්මාරිය ඇරල බලන්න , තියෙන කලිසම්වලින් කීයක් ඩෙනිම්ද කියල..

හැම දෙනා අතරෙම මෙතරම් පුසිද්ධ ඩෙනිමෙ ඉතිහාසය 16 වැනි ශතවර්ෂ⁣ට දක්වා විහිදෙනවා.විලාසිතාවලට ලොවම පුසිද්ධ ප්‍රංශයේ නෙම්ස් නගරය තමයි ⁣ඩෙනිමෙ මුල්බිම.සර්ජ් නම් රළු රෙදි වර්ගයකින් නිමැවුණු නිසා සර්ජ් ඩි නෙම්ස් (serge de Nimes) නමින් ආරම්භයේදි හැඳින්වුණා. පහුවෙද්දි ඒක නිකම්ම
“ඩෙනිම්” ලෙස වෙනස් වුණා.

ඩෙනිම් රෙදි සාපේක්ෂව රළුයි. ඊටපාට දෙකක නූල් යොදා ගන්නවා. ඊටම ආවේනික වියමනක් නිමා ශක්තිය රදාපවතිනව.ඩෙනිම් මුලින්ම පාවිච්චි කළේ පතල් සහ දුම්රියකම්කරුවන්. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මේ රෙදි වර්ගයේ කල් පැවැත්ම නිසාමයි. රළු, ශක්තිමත් ඩෙනිම ඔවුන්ගේ කර්කශ වැඩ පිරුණු ජීවිතයට හොඳින්ම ගැලපුණා.

කම්කරැවන්ට ඉලක්ක කරගෙන හැදුවත්අද ඩෙනිම ඕනෑම තැනකට ගැලපෙන ඇදුමක්වෙලා.විලාසිතා ලෝකයේ ඉහළම තැනක්හිමිකරගෙන,මේ විධියට නිමැවුන ඩෙනිම ගෙඩක් ජනප්‍රිය වෙන්න පටන්ගත්තෙ 1880-90 කාලෙ.ඇමරිකාවේ රන් පතල්වල සේවය කළ කම්කරුවන්ට ශක්තිමත් රෙදි වර්ගයක් අවශ්‍ය වුණා. මේ බව දැනගත්ත "ලියොබ් ස්ට්‍රවුස්" අලුත් බිස්නස් එකක් කරන් හිතුවා. ඔහු ඩෙනිම් රෙදි ගෙනැත් තොග වෙළඳාමක් ආරම්භ කළා. 


ඉන් පස්සෙ කැලිෆෝනියාවේ හිටපු ටේලර් කෙනෙක් එක්ක එකතු වෙලා ඇඳුමක් නිර්මාණය කරනවා. මේ ඇඳුම තමයි අද හැමදෙනා අතරම ජනප්‍රිය වෙලා තියෙන ඩෙනිම් කලිසම.
ඉන්පස්සෙ ස්ට්‍රවුස් තමන්ගෙ “ලියොබ්” කියන නම “ලීවයි” (LEVI) ලෙස වෙනස් කරගන්නවා. අදටත් වෙළඳ ලෝකයේ අති සාර්ථක “ලීවයි ස්ට්‍රවුස්” වෙළඳ නාමය නිර්මාණය වෙන්නෙ එහෙමයි.

18 වැනි සියවසේ ඩෙනිම් කලිසම ආපු මුල්ම කාලෙ ඩෙනිම් ඇඳලා තියෙන්නෙ ඇමෙරිකාවෙ රස්තියාදුකාරයො, කම්කරුවො සහ සංචාරකයො. ඉතින් රළු ඇඳුමක් විදියට සලකන ඩෙනිම් ඇඳුම් වංශවත් රදලයන්ගේ උපහාසයට සමච්චලයට ලක්වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් ඩෙනිම් කියන්නෙ මාස ගණනක් වුණත් හෝදන්නෙ නැතිව අඳින්න පුළුවන් ඇඳුමක්. ඒ නිසා වෙන්න ඇති සංචාරකයන් අතර ඩෙනිම් කලිසම මෙච්චර ජනප්‍රිය වෙන්න ඇත්තෙ.
සාමාන්‍යයෙන් ඩෙනිම් කලිසමක් මාස 15ක් පමණ හෝදන්නෙ නැතිව අඳින්න පුළුවන්ලු.
මේක කියන්නෙ Levi’s සමාගමේ වර්තමාන හිමිකරු වන" චිප් බර්ග් ෆෝචූන්"මහත්මයා. ඔහු මේ ගැන කියන්නෙ කැනඩාවේ ඇල්බේටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයක වාර්තාවකුත් අතේ තියාගෙනයි.

ඔහු කියන විදියට නම් ඩෙනිම් ඇඳුම් වතුර සහ සබන්වලින් ඈත් කර තබන තරමට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ලු. ඩෙනිම් කලිසම් පහසුවෙන්ම පිරිසුදු කරගන්න පුළුවන් විදියක් ගැනත් ඔහු කියනවා. ඒ තමයි හොඳින් නවපු ඩෙනිම් ඇඳුමක් පොලිතින් බෑග් එකකට දාලා වතුර යන්නෙ නැති විදියට සීල් කරලා පැය 24ක් ශීතකරණයේ තැබීමෙන් නැවුම් බව සුරැකෙනවා කියලා.

ඩෙනිම තවමත් විලාසිතා ලෝකයේ මුලින්ම තියෙන පවතින විලාසිතාවක් නමුත් එහි නිමාවේ වෙනස්කම් දකින්න පුළුවන්.

⁣දැන හෝ නොදැන ඔබ මෙතෙක් ඇන්ද ඩෙනිමෙ පුදුම ඉතිහාස කතාවක් තියන බව ඔබ දැන් දන්නවනෙ

Chercheurs-dor-1.jpg

 

denim-2.jpg

 

 

Standard (Image)