Skip to main content
Mbappe

 

 

ලොව  බොහෝ පාපන්දු වීරයන්  බිහිව ඇත්තේ දරිදුතාවයත් මෙන්ම දුෂ්කර දිවිපෙවෙතත් උරැම කරගෙනය.....නමුත් ඔවුන් සිය ක්‍රීඩා  දිවිය හමාර කරන්නේ අති විශාල ධනස්කන්ධයක් සහ   ඉතා සුඛෝපභෝගි දිවිපෙවෙතක් ද සමගිනි....

 

මධ්‍යම ආජන්ටිනාවේ  යකඩ කම්කරැවෙකුට සහ පවිත්‍ර තා සේවිකාවකගේ පුතෙකු ලෙස උපන් 'ලයනල් මෙසී' වයස අවු 13දී බාසිලෝනව වෙත යන්නෙ ඔහුගේ තිබු නිදන්ගත රෝගයකට   අවැසි ⁣⁣ෙඖෂධ මිලදී ගෙන දෙන්නට බාර්සිලෝනා සමාජය  කැමති වන බැවිනි....එසේ ජීවිතය ඇරඹු මෙසී අද ඩොලර්  මිලියන ගණනක  වත්කමකට හිමිකම් කියයි....

 

ක්‍රිස්ටියානෝ  රොනාල්ඩේ  එන්නේද පෘතුගාලයේ   සැන්ට් ඇන්ටෝනියෝ හි අතිශය දරිද්‍රතාවයකින් යුතු පවුලකිනි..

නේමාර් ද එසේමය . සැන්ට් පාවොලෝ නුවර ඉතා අසීරැ දිවිපෙවෙතක් උරැම කරගෙන පාපන්දු පටන්ගත් අයෙකුවිය.....

බොහෝ පාපන්දු තරැවලට උරැම අසීරැ දිළිදු දිවිපෙවෙත ඔවුන්ගේ ධෛය්‍යීය තවතවත් ඉහල දැමුවා විය හැකිය....

 

2018 ලෝකකුසලාන තාරගාවලියේ සොයාගැනීම පුංශයේ 'ක්ලියාන් එම්බපේ' ගේ ළමාවිය ගෙවූ "බොන්ඩි" නගරය වෙත ගොස් ඔබට විස්තර ලියන්නට සිතුවේද එහි ඇති රසවත් කතාව නිසාමය....ලොව සියලු පුධාන නගරයන් මෙන්ම පැරිසියද මිහිපිට සුරපුරද , මිහිපිට අපායද නැතිවා නොවේ... එක් ආහාරවේලකට රැපියල් ලක්ෂ ගනන් වියදම්කරන , විලවුන් බෝතලයකට ලක්ෂ ගනන් වියදම් කරන ධන කුවේරයන් මෙන්ම දරිදුතාවය නිසාම එදා වේල සොයා කුණු බක්කිය පෙරලන අයද මෙහි නැතිවාම නොවේ..

 

අද ලොවේම පාපන්දු තරැව බවට පත්ව ඇති 'ක්ලියාන් එම්බපේ' ගේ ජීවිතය ඉතා දරැනු ලෙස පීඩනයට ලක්නොවූ එකක්වූවද ඔහු පාපන්දුව තමාගේත් පවුලේත් ගැලුවුම්කරැ ලෙස තෝරාගත්තේ  වඩා යහපත් ජීවිතයක් සොයා යෑම වෙනුවෙනි...

 

පැරිසියේ සිට උතුරැ දෙසට දිවෙන දුමිරියක නැගී 'ක්ලියාන් එම්බපේ' ගේ ගමට යන්නට අප සිතුවේ ලොව අනාගත පාපන්දු සළකුණ ගැන ඔබට විස්තර ගෙනෙන්ටය.

'බොන්ඩි' මධ්‍යම පාන්තික ජනතාවකගෙන් සමන්විත නගරයකි. පැරිසියේ ඇති කළබලකාරිත්වයෙන් මිදුනු මේ පුදේශය ගැන දැන් ලෝකයම විස්තර සොයා බලයි. 'ක්ලියාන්'  වෘත්තීමය ක්‍රීඩාවට අවතීර්ණ වීමත් සමග  තම දෙමාපියන් සමග පැරිසියට ගියත් ඔහුගේ අත්තම්මා තවමත් මුල්ගමෙහි වෙසෙන්නීය.

මධ්‍යම පැරිසියෙන් කිලෝමීටර 11 කට ඊසාන  දෙසට  මෙපිටින් පිහිටි 'බොන්ඩි'  හි පාපන්දු ක්‍රීඩා කරන හැම දරුවෙකුගේම එකම අරමුණ තමන්ගේ ගමේ වීරයා ගේ මග යන්නටය . එය බොන්ඩි ගම්මානයට පමණක් හෝ පැරිසියේ හෝ ප්‍රංශයේ දරුවන්ට පමණක්  පොදු ඉලක්කයක්  නොව පාපන්දුවක් පසු පස හබායන සෑම  කුඩා දරුවෙකුගේම වර්තමාන සිහිනය වී ඇත.

 

image7.jpeg

(බොන්ඩි දුම්රිය පොළ )

 

image2 (1).jpeg

(බොන්ඩි  නගරය)

 

මීට වසර 20 කට 1998 වසරේදී   'බොන්ඩි'  හි 'ක්ලියාන් එම්බපේ'  නිවසට කිලෝ මීටර 10 මෙපිටින් ඇති ප්‍රංශ ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේ (Stade de France)  දී  ප්‍රංශය ලෝක කුසලානයක් දිනගන්නවිට මෙලොවට උපත ලබා නොතිබුන මේ යෞවනයා "ක්ලියාන් එම්බපා" මෙවර රුසියාවට යන්නේ  වගකීම් රැසක් මෙන්ම පීඩනයක් ද කර මත තබා ගනිමිනි .

ඇන්තනි මෙසෙල්(Antony Martial ) සහ අලෙක්සන්ද්රේ  ලකසෙට් (Alexandre Lacazette) යන අත්දකීම්  සපිරි ක්‍රීඩකයන් ඉවත ලමින් , 19 හැවිරිදි තරැණයා වෙත කණ්ඩායමේ ඉදිරි ප්‍රහාරක ය ලෙස සිය පුහුණු කරු ලබාදුන් පීඩනය සුළුපටු නොවේ .....

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ , ලයනල් මෙසී , නෙය්මර් ඇතුළු සුපිරි තරු පරයමින් මේ තරුණය සිය රටට ලෝක කුසලානය ලබාදෙන්නේ ඉදිරි දශකයේ ලෝක පාපන්දු ලෝලීන්ගේ ඇස  තමන් ලගට ගනිමිනි.

 

'බොන්ඩි' තමන්ගේ ගම , නගරය ජීවිතයේ කිසිදා අමතක කල නොහැකි තැනක් බව සපත කල මේ තරුණය ලෝක කුසලානයෙන් තමන් ලද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් 'Stade de France'  පදනම් කරගෙන පිහිටුවා ඇති රෝහල් ගත සහ අබාධිත දරුවන් වෙනුවෙන් සරණ වන අරමුදලකට පරිත්‍යාග කළේය. ඔහු තම රට නියෝජනය කරන සෑම  තරගයකදීම ලැබෙන වේතනය මෙම අරමුදලට බැර  කරනු ලබයි.  '' මේ රට තමා  මට හැම  දෙයක්ම දුන්නේ ...ඉතින් රට නියෝජනය කරන්න මට පඩියක්  එපා'' .එය ඔහුගේ අනුග්‍රාහක මුදල් සහ අනෙකුත් අදායම් සමග සැසදීමේදී සොච්චමක් වුවද ඔහුගේ ආදර්ශය මොනතරම් වටිනා එකක් නොවන්නේද ?

 

පැරිසිය  අවට කලාපය ඉහළ පංතියේ පාපන්දු තරු රැසකට  වඩාත් සාරවත් අභිජනන භූමියක් විය.Paul Pogba, N'Golo Kante, Blaise Matuidi, Anthony Martial, Kingsley Coman වැන්නවුන් පැරිසිය හෝ ඒ අවට කලාපයෙන් සිය  පාපන්දු භුතීස්මය ලැබ ගත්තෝ වෙති ......

 

'බොන්ඩි'  ලෝක පාපන්දු තරු මඩලට අලුත්ම තරුවක් එක්කර ඇත .තම ආදරය වචන කීපයකට කැටි කල බොන්ඩි ජනතාව තම   ආදරය පෙන්වමින් අළු පැහැති  නගර  ශාලාවේ ඉහලින්ම  විශාල රතු බැනරයක් අලංකාර කර තිබේ. එහි මෙසේ කියැවේ: "කීලියන්ට ස්තූතියි, බොන්ඩි හි සියලු දෙනා ඔබ සමඟයි '   

 

image1 (1)_0.jpeg

(බොන්ඩි  නගරශාලාව) 

 

''ස්තුති  Les Bleus' - ස්තුතියි ක්ලියාන් ''  ( Les Bleus ප්‍රංශ පාපන්දු කණ්ඩායම හදුන්වන නම )  යනුවෙන් බැනරයක් ඔහු කුඩාකල  පුහුනුවීම් කල ක්‍රීඩාපිටියේ වැටක  එල්ලමින් බොන්ඩි  දරුවන්  මිතුරාට  තම ආදරය ප්‍රකාශ කර තිබිනි .

 

image3.jpeg

(කුඩාකල  පුහුනුවීම් කල ක්‍රීඩාපිටිය)

 

image6.jpeg

 

'Nabil  Larbi' බොන්ඩි නියෝජ්‍ය නගරාධිපතිවරයා  ''ක්ලියාන් එම්බපා''  වැඩෙමින් සිටි අවදියේ සිට ඔහු ගැන ඇස  ගසාගෙන සිටි අසල්වැසියෙකු විය ."එම්බපා යනු බොන්ඩි හි නිර්මල නිෂ්පාදනයකි", වසර 35 ක් තිස්සේ බොන්ඩි  ජනතාව සමග එක්ව සිටින නගරාධිපතිවරයා පවසන්නේ එබැවිනි. 

 

''එම්බපා''  පවුල යනු හොද  ක්‍රීඩා  පසුබිමක් තිබූ  තැනකි. 'කැමරුන්' දේශයෙන් ප්‍රංශයට සංක්‍රමණය වූ කිලියන්ගේ පියා  'විල්ෆ්‍රඩ්' වසර 20 කට වැඩි කාලයක්  පාපන්දු  පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර 2018 වසරේදී විශ්‍රාම ගිය අතර , ඇල්ජිරියානු සම්භවයක් ඇති ක්ලියන්ගේ මව 'ෆයිසා'  හෑන්ඩ් බෝල් ක්‍රීඩාවෙන් ප්‍රංශ පළමුපෙළ තරග වලට ක්‍රීඩා කලාය .

 

download.jpeg

(දෙමාපියන් )

 

මේ  යොවුන් තරුණයාගේ සාර්ථකත්වය බොන්ඩි හි තරුණයින් ට බලාපොරොත්තුවේ සංකේතයක් සහ ජවයක් ලබාදී ඇත ..''අපි ක්ලියන් ගැන මෙන්ම එම  පවුල ගැන  ඉතා ආඩම්බර වෙමු.....අපිට බොන්ඩි වල ඉන්න මිනිස්සු 55,000 ක් ඉන්නවා. මේ හැම පවුලකටම ක්ලියන්   අපේ පුතා වගේ තමයි ..... අපි පවුලක් වගේ හැමෝම ආඩම්බරයෙන් කියනවා.ක්ලියාන් අපේ පුතා, බොන්ඩිගේ පුතායි’’,  කියල Souhila fezari නියෝජ්‍ය නගරාධිපතිවරි පවසයි.

 

image4.jpeg

(Souhila fezari - Deputy Mayor -BONDY )

 

''ඔවුන් හොද දෙමාපියන්.....දරැවව හොදින් හැකියාව හදුනගෙන ඉලක්ක ගත කලා...මේ වයසෙ පොඩි හාදයෙකුට ඇත්තටම මේ දේවල් බර වැඩි ....මුදල්, ජනප්‍රියතාව, පීඩනය වැඩී...ඒත් ඔහු හොදින් කළමනාකරණය කරගනී....ඒක ඔහුට භාරයි...ඇය වැඩිදුරටත් පවසන්නීය.

 

ඔහු තාත්ත එක්ක මේ පිට්ටනියට එනවා ...හරිම ශක්තිමත් කොල්ල .මහන්සියක් දැනෙන්නෙම නෑ  ඔහුට ....ඔහු අපිට ආඩම්බරයක් ගෙනාව .ඒ විතරක් නෙමේ මේ ගමේ පොඩි කොල්ලන්ට හොද ආදර්ශයක් ගේනවා ... එහෙම කියන්නේ ක්ලියාන් කනිෂ්ට සංචිතයේදී පුහුණු කල 'යුසුෆ් මොහමඩ්'

 

image5.png

('යුසුෆ් මොහමඩ්' - මුල් අවදියේ පුහුණුකරුවෙක් )

 

ප්‍රංශ  පාපන්දු සම්මේලනයේ නිල ඇකඩමියේ සහ චෙල්සි ඇකඩමිය සමග පුහුණු සැසිවාරයකට සහබාගි වූ ක්ලියන්   වයස අවුරුදු 14 දී  රියල්මැඩ්රිඩ් වෙත පැමිණියේ  ඔහුගේ පාපන්දු සිහිනක් වෙනුවෙනි .එහිදී රොනාල්ඩෝ සමග ගත් ජයරුපය මේ දිනවල මාධ්‍ය තුල ප්‍රසිද්ධ එකකි. 

 

cristiano-ronaldo-et-kylian-mbappe_21a460fb4c011bb62cec936296443be27cfce147.jpg

(රොනල්ඩෝ සමග වසර 4 කට පෙර) 

 

255228-large.jpg

(රොනල්ඩෝ සමග 2018 වසරේදී) 

 

බොන්ඩි  වීදිවල දී පාපන්දු වේ මුල් පොත් තබා    රුසියාවේදී විවරණය ලැබූ 'ක්ලියාන් එම්බප්පේ හෙට දවසේදී ,ලන්ඩනය , පැරිසිය , බර්සිලෝනවා  , මිලානය  , ලොස් ඇන්ජලිස්  , මැඩ්රිඩ් වැනි පාපන්දු ලොව තරු බැබලෙන නගර වල  ගැවසෙන වීරයෙක් වෙන හැටි බොන්ඩි  නගර වාසීන්  බලාසිටින්නේ ආඩම්බරයෙනි ......

 

සංජීව බටුවත්ත / ( බොන්ඩි සංචාරයෙන් පසුව)