ඉන් ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ ක්රොයේශියානු ජනපතිනිය වන කොලින්ඩා ග්‍රේබර් කිට්රොවිච් ය. ලොව සරාගීතම රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන ඇය ලෝක කුසලානය පුරාවටම තම කණ්ඩායම උද්යෝගීමත් කිරීම සඳහා ක්රොයේශියානු කණ්ඩායම තරඟ වදින සෑම තරඟයක්ම නැරඹීම සඳහා එක්ව සිටිනු දක්නට ලැබිණි.
තරඟමාලාව ආරම්භයේදී සෞදි අරාබියේ සල්මන් රජු තරඟ නරඹන්නට එක්ව සිටියේ ඔහු විසින් සෞදි අරාබිය තුල සිදු කරන ලද ආන්දෝලනාත්මක වෙනස් කම් කෙරෙහි ලෝක අවධානය යොමු වී තිබෙන අවස්ථාවකය. එමෙන්ම අවසන් මහා තරඟය නරඹන්නට ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් සියලුම ලෝක මාධය වල අවධානය තමා වෙත යොමු කරගන්නේ ප්‍රංශ කණ්ඩායම ලබාගත් ජයග්රහණයෙන් අනතුරුව ඔහු සිදු කරන ලද උද්යෝගීමත් නර්ථනයත් සමඟින් ය.
කෙසේ නමුත් ලෝක කුසලානය අවසානයේ පැවති සම්මාන ප්‍රධානෝත්සවය අවසන් වන විට සියලුම රාජ්‍ය නායකයින් පසෙකලමින් සත්කාරක රුසියානු ජනපති ව්ලැද්මීර් පුටිං නැවතත් ලෝක මාධ්‍ය අවධානය තමා වෙත නතුකර ගන්නට සමත් වී ඇත. ලෝක දේශපාලනය තුල නිරන්තරයෙන් පුවත් මවන පුටිං තම සත්කාරකත්වයෙන් පැවැති ලෝක කුසලානය අවසානයෙ මෙලෙස ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනාගැනීම අරුමයක් නොවූණද, එකී අවධානය දිනාගත් ආකාරය ඉතා විශ්මය දනවන සුළුය.
ලෝක කුසලාන අවසාන මහා තරඟය අවසානයේ පැවති ලෝක කුසලාන ත්‍යාග ප්‍රදානෝත්සවයට වර්ශාවෙන් බාධා එල්ල වූ අතර එකී ප්‍රදානෝත්සවයට රුසියානු ජනපති ව්ලැද්මීර් පුටිංට අමතරව ක්රොයේශියානු ජනපතිනිය මෙන්ම ලෝක ශූර ප්‍රංශයේ ජනපති සහ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරායද සහභාගී වී සිටියේය. කෙසේ නමුත් පැවති අයහපත් කාලගුණය හේතුවෙන් උත්සවය හා සම්බන්ධ වූ සියලූම අයවලුන් තෙමී යද්දී සත්කාරක රුසියානු ජනපති ව්ලැදීමීර් පුටිං වෙනුවෙන් පමණක් පෞද්ගලික කුඩයක් ඉසිලී තිබීම මේ වනවිට ලෝක දේශපාලනය උණුසුම් කරමින් තිබේ. ප්‍රංශ ජනපති සහ ක්රොයේශියානු ජනපතිනිය නොසලකා හරිමින් රුසියානු ජනපති හට පමණක් එලෙස පෞද්ගලික කුඩයක් ඉසිලීම ප්‍රංශ සහ ක්රොයේශියානු ජනපතිවරුන් වෙත කරන ලද දේශපාලන අවතක්සේරු කිරීමක් ලෙසද දේශපාලන විචාරකයන් අදහස් දකවමින් සිටී.ත්‍යාග ප්‍රදානෝත්සවයේ පැවති උද්යෝගීමත්භාවය හමුවේ ප්‍රංශ සහ ක්රොයේශියානු ජනපතිවරුන් උදම් වී සිටියද සත්කාරක දේශය ලෙස රුසියානු ජනපති ව්ලැද්මීර් පුටිං විසින් කරන ලද මෙම ක්‍රියාව ආගන්තුක රාජ්‍ය නායකයන් යම් පමණකට හෝ අපහසුතාවයකට ලක් කිරීමක් ලෙස හැඳින්විය හැකි අතර දේශපාලකයෙකු ලෙස පුටිං දිනා ඇති මුරණ්ඩු ප්‍රතිරූපය තවදුරටත් සනාත කරන්නක් ද විය.
Sri Lankans Online Sub Editor Colombo