Skip to main content
world news

 

නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද පැවති ජන්ද  විමසීමේදී  ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින.මෙහිදී පවතී ජන්දයෙන් එ ජා ප අපේක්ෂකයා ජන්ද 97 ක් ලබා ජයගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  මහත්මියට ලැබුනේ ඡන්ද  43ක් පමණි.මෙහිදී ඒ ජා ප අපේක්ෂකයා පරදවාලීමට ඒකාබද්ධ විපක්ෂයේ උත්සහයක් තිබුනද ඒකාබද්ද විපක්‍ෂයේ 15 දෙනෙකු පමණ පිරිසක් ජන්දය  මගහැර සභා ඝර්භයෙන් පිටවී ගොස් ඇත.

..................................

ටී.එන්.එල් රෑපවාහිනී සේවයේ විකාශණ  සදහා විදුලි සංදේශණ කොමිසම විසින් පැනවූ තහනමට පිලිබඳ අද දිනයේ විවිධ මත පළවුණා .ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය කිරීම නිසා මේ තහනම පැනවූ බව අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවිධ පක්ෂ නියෝජිතයන් පැවසුවද විදුලි සංදේශණ කොමිසම නිවේදනයක් මගින් කියාසිටියේ නිසි පරිදි බලපත් යාවත්කාලීන නොකිරීම මෙම තහනමට හේතු වූ බවයි .

......................................

යහපාලන රජයේ ඇමතිවරු වන   රාවුෆ් හකීම් සහ  රිෂාද් බදියුර්දීන්  අතර අද පැවති කැබිනට් රැස්වීමේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.උතුරේ නැවත පදිංචි කිරිම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවු මත ගැටුමක් උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගිය බව වාර්තාවේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඇමැතිවරුන් දෙදෙනා එකිනෙකා විවේචනය කර ගත් බව දැනගන්නට තිබේ.

..................................

දශක ගණනාවකට පසු සෞදි අරාබිය අද (5) කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම ආරම්භ කළේය.කාන්තාවන්ට රිය පැදවීමට නොහැකි වන අයුරින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට සෞදි අරාබිය තීරණය කළ අතර ලබන 24 වැනිදා සිට සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවස්ථාව සැලසේ.සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන මොහොමද් බින් සල්මාන් කුමරු දියත් කර තිබෙන සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට මෙම අවසරය හිමිවිය.

......................................

රජයේ බදු පනතට එරෙහිව දින ගණනාවක් තිස්සේ පැවැති විරෝධතා හේතුවෙන්, ජෝර්දාන අගමැති හනි මුල්කි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.තමා මෙසේ බදු පැනැවීමට පියවර ගත්තේ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බවත්, බදු පැනැවීම කළේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බවත් ධුරයෙන් ඉවත් වෙමින් අගමැති හනි මුල්කි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.නව බදු පනතට විරෝධය පාමින්, ජෝර්දානයේ පසුගිය දින කිහිපය පුරාවට ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි.

.....................................

තෙවරක් විම්බල්ඩන් ටෙනිස් ශුරතාව දින සිටින Novak Djokovic ගේ ප්‍රංශ විවෘත ටෙනිස් ශුරතා  සිහිනය බොදකරමින් අවසන් පූර්ව  වටයට පිවිසීමට ඉතාලියේ Marco Cecchinato අද සමත් වුණා . මාර්කෝ ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම්වලට අනුව 72 වැනි ස්ථානයේ පසුවෙනවා .

.........................................

ක්‍රිකට් පිටියේ නවතම පෙරළිකරුවන් බවට පත්වෙමින් ඇෆ්ගනිස්ථානය අද දිනයේ බංග්ලාදේශය පරාජය කරමින් දෙවන T 20 තරගය  කඩුළු  7 කින් ජයගත්තා .තරග 3 කින් සමන්විත තරගාවලියේ 2-0 ලෙස ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටිනවා 

 

Image - Middle East Eye (Protests in Jordan)