Skip to main content
vesak

 

2018 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය, ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථාන පරිශ්‍රයේදී  පසුගියදා  උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.ජාත්‍යන්තර  බෞද්ධාගමික සහජීවනය සහ අවිහිංසාව යන තේමාව අරමුණු කරගෙන මෙම උත්සවය සංවිධානය කෙරිණ.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක  පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි, පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි සහ පූජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර හිමි ඇතුළු ගරුතර සංඝරත්නයේ අනුශාසකත්වය යටතේ ප්‍රංශයේ ශ්‍රීලංකා  තානාපති සහ යුනෙස්කෝ නිත්‍ය  නියෝජිත බුද්ධි කේ අතාවුද මහතාගේ අධීක්ෂණයෙන් මෙම උත්සවය සංවිධානය කෙරිණ 

උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු පිළිබද ගරු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay  මහත්මිය ඇතුළු රටවල් ගණනාවක ආගමික නායකවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විද්වතුන් රාශියක්  මෙම උත්සවයට සහභාගී වූහ. 

 

1_1.jpg

 

2_3.jpg

 

3_1.JPG

24 වැනිදා  දිනය පුරා සැමරුම් උත්සවය  පැවැත්වුණු අතර, උදැසන පැවති සමාරම්භක උත්සවයට ලොවපුරා වෙසෙන බෞද්ධ ජනතාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි විය. ප්‍රධාන ආරාධිත ගරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් ආරාධිත දේශනය පැවැත්වූ අතර,  බෞද්ධයන් වැඩිපිරිසක් වෙසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව  ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට  ගත් පියවර සහ ජාතීන් අතර සහයෝගීතාවය නංවාලීමට ගෙන ඇති පියවර  ගැන ඇමති ආචාර්ය  විජේදාස රාජපක්ෂ මහතා , පැමිණ සිටි පිරිසට  මැනෙවින් පහදා දුන්නේය.

පස්වරුවේ බුදු දහම පිළිබද විද්වත් කතිකාවතක් පැවති අතර, ප්‍රංශයේ channel 24  ඉංග්‍රීසි නාලිකා ප්‍රධානී Gallagher  Frenwick මහතා මෙහෙයවූ මෙම විද්වත් කතිකාවතේදී බුදුදහම පිලිබඳ විවිධ හරවත් මාතෘකා යටතේ කරුණු සංවාදයට බඳුන් විය.

4_1.jpg

 

6.jpg

ඇමරිකාවේ කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය  ඔස්මන්ඩ් බෝපෙආරච්චි මහතා ඉතා හරවත් ගැඹුරු කාරණා ඔස්සේ දේශනයක් ඉදිරිපත් කළේය. ආරම්භයේ සිට බෞද්ධ ශිෂ්ටාචාරය ආසියාතික කලාපය හරහා ලෝක ව්‍යාප්ත වූ ආකාරය සහ, බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතා වැදගත් සන්ධිස්ථානත් රූප රාමු ආශ්‍රිතව විස්තර වූ අතර පැමිණ සිටි අමුත්තන් හට බෞද්ධ ඉතිහාසයේ විවර නොවූ පැතිකඩ පිලිබඳ මනා  දැනුමක් ලබා දීමට එම දේශනය ඉවහල් විය.     

ඉන් අනතුරුව ප්‍රංශයේ පුධාන සංඝනායක අතිපූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන්  විසින් චිත්ත ඒකාග්‍රතාවය සහ මෛත්‍රී භාවනාව පිළිබද ප්‍රයෝගික වැඩ මුළුවක් ද පැමිණ සිටි පිරිසට පවත්වන ලදී.

විවිධ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ පස්වරු සංදර්ශනය ඉතා මනස්කාන්ත එකක් විය.  මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණි නර්තන කණ්ඩායම, පැරිසියේ ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන්, නෙදර්ලන්තය, චීනය, තායිලන්තය, ජපානය, බංගලාදේශය, නේපාලය, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක ගායන වාදන සහ වර්ණවත් සංස්කෘතිකාංග වලින් උත්සවය අතිශය අලංකෘත විය.

7.jpg

 

8.jpg

 

9.jpg

 

10.jpg

 

11.jpg

 

12.jpg

 

13.jpg

 

14.jpg

 

15.jpg

 

16.jpg

 

17.jpg

 

18.jpg

අමරපුර  ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ  මහා නායක ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු විශාල ධර්ම දූත කණ්ඩායමක් ලෝකයේ විවිධ රටවලින් මෙම උත්සවයට සහභාගී විය.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික  කලා ශිල්පී මහින්ද හේරත් මහතාගේ  නිර්මාණ ඇතුලත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද, ආසියානු රටවල ආහාර  ප්‍රදර්ශනයක් ද උත්සවයට සමගාමීව සංවිධානය කර තිබිණ.

යුරෝපීයයන් බොහෝදෙනා වර්තමානයේ බෞද්ධ දර්ශනය සහ එහි ඉගැන්වීම් වල මූලික හරයන් පිළිබඳව උනන්දුවක් දක්වන බැවින් ඉදිරියේදී ද මෙවැනි කටයුතුවල සංවිධානයට  ප්‍රධානත්වය ගන්නා  බව ප්‍රංශයේ  ශ්‍රී ලංකා  තානාපති සහ යුනෙස්කෝ නිත්‍ය  නියෝජිත බුද්ධි කේ අතාවුද මහතා මෙහිදී පැවසීය.

ප්‍රංශයේ මෙතෙක් සිදුකෙරුණ විශාලතම බෞද්ධාගමික උත්සවය මෙය බවත්, එය මැනවින් සංවිධානය කිරීමේ ගෞරවය ශ්‍රීලංකා තානාපතිතුමා ඇතුළු කණ්ඩායමට හිමිවිය යුතු බවත් උත්සවයට සහභාගී වූ බොහෝදෙනා ප්‍රකාශ කළ අතර, මෙවර ප්‍රංශයේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැමිණ සිටි බොහෝ දෙනාගේ ප්‍රශංසනීය අගැයීමට පාත්‍ර විය.