Skip to main content
Rain

 

බදුල්ල දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ ගණනාවකට දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව වාර්තා වේ .

වර්ෂාව නිසා පවුල් රැසක් විපතට පත්ව ඇති අතර හපුතලේ කඳවුරු 2ක අවතැන් වු පවුල් 51 ට අයත් පුද්ගලයන් 207 දෙනෙක් නතර කර ඇති අතර  නාය අවධානම් ස්ථානයන් බ ව හඳුනාගෙන ඇති  පස්සර, රිදීමාලියද්ද,ඇල්ල හා ඌවපරණගම  පවුල් 66 කට අයත් පුද්ගලයන් 288 දෙනෙනක්  ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇත .

දුන්හිද ,දියලුඹ. රාවණා , පීස්ස යන දියඇලි වල ජලය විශාල වශයෙන් වැඩිවි තිබේ. 

බදුලු ඔයේ ජලමට්ටම ඉහළගොස් ඇති අතර දියඇලි හා ඇල දොළ, ගංගාවල දිය නෑමෙන් වළකින ලෙසට උපදෙස් දෙනබවත් දියකඩිති හරහා ගමන් කිරිමෙන් වලකින ලෙසත්  ආපදා කළමණාකරණ  මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Standard (Image)
Recommended